Pages

Introduction of Electronics (Elecrtonics පිලිබඳ මුලික දැනුම.කොටස් හා සංකේත හඳුනා ගැනීම.)



වර්තමානය වෙනස්කොට තාක්ෂණික අතින් අරුම පුදුම බොහෝ දේ සොයා ගනිමින් පවතිනවා.ඒ සදහා බොහෝ සෙයින් ඉවහල් වෙන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව.මම හිතන්නේ ගොඩක් අය කැමතියි ඉගෙන ගන්න.පොඩි පොඩි දේවල් එකතු වෙලානේ ලොකු ලොකු දේවල් ගොඩ නැගෙන්නේ.මොන දෙයක් කරන්නත් කලින් ඒ ඒ ක්ෂේත්‍රයට අදාල මුලික දේවල් ඉගෙනීම අත්‍යවශ්‍ය දෙයක්.අන්න ඒ දේ නිසයි මම හිතුවේ ඉලෙක්ටොනික ගැන මුලිකම දේවල් ටිකක් කියල දෙන්න.ඊට පස්සේ අපි ටිකින් ටික ඉස්සහරහට යමු.ඒ කියන්නේ විවිධ දේවල් නිර්මාණය කිරීම දක්වා.මේ ක්ෂේත්‍රයේ මුලික අඩිතාලම දෑම්මට පස්සේ ඉදිරියට යන එක හරිම පහසුයි.හැබැයි ටිකක හිතන්න පුරුදුවෙන්න ඕන.අලුත් දේවල් ගැන  හිතන්න ඕන.කලබල වෙන්න දෙයක් නැ.මුලිකම දේවල් ඉගෙන ගත්තම ඒ දේවල් නිරන්තරයෙන් ඇති වෙයි.මුලිකවම පරිපත සැදීම සදහා අවශ්‍ය වෙන දැනුමයි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ.පැහැදිලිවම කියනවා නම් Bulb System , Music System(door bell  ect:)වගේ දේවල් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක.ගොඩක් අය කැමතිනේ මිලදී අරගන්නවට වඩා තමන්ම යමක නිර්මාණය කරලා ඒ දිහා බලල සතුටක් ලබන්න.එහෙම නම් වැඩේ පටන් ගමු.මුලින්ම උපකරණ හා සම්මත සංකේත ගැනයි ලිපිය. 
සැ:යු :- රතු පැහැයෙන් යුත් කොටුව තුල ඇත්තේ පරිපත සටහන් සදහා භාවිතා කරන පිළිගත් සංකේත වන අතර නිල් පැහැයෙන් යුත් කටුව තුල අත්තේ කැට සටහන් ඇදීම සදහා යොදා ගන්න සංකේත වේ.


ධාරිත්‍රක ( CAPACITOR )

මෙහි (+) හා (-) ලෙස අග්‍ර දෙකකි.එයින් කෙටි පදයක් සහිත අග්‍රය (-) අග්‍රයයි.පරිපත සැකසීමේදී (+) හා (-) අග්‍ර මාරු නොකිරීමට වග බලා ගත යුතුය.විවධ වර්ගයේ ධාරිත්‍රක කිහිපයක් පහත වේ.පහත දැක්වෙන්නේ  ‘ඉලෙක්ට්‍රොලයිටික්’ වර්ගයට අයත් ධාරිත්‍රකයකි.




පහත දැක්වෙන්නේ තවත් වර්ගයේ ධාරිත්‍රක වර්ග දෙකකි.එයින් මුලින්ම දැක්වෙන්නේ ‘සෙරමික් ’ වර්ගයෙ ධරිත්‍රකයකි.දෙවනුව දැක්වෙන්නේ ‘මියිලර්’ වර්ගයේ ධාරිත්‍රකයකි.එහෙත් මේ සදහා භාවිතා වන සංකේත එකම ආකාරයේ සංකේත වේ.එම සංකේතද පහත දක්වා ඇත.

   

 

L.E.D බල්බය ( Light Emitting Diode)




මෙහිද (+) හා (-) ලෙස අග්‍ර දෙකකි.බොහෝ විට මෙහිද දිගින් අඩු අග්‍රය (-) අග්‍රය වන අතර  දිගින් වැඩි පදය (+) අග්‍රය වේ.මෙය දැල්වීමට නම් D.C වෝල්ට් 3 ක සැපයුමක් අවැසි වේ. L.E.D සංකේතහි අනොඩය (+) හා කතෝඩය (-) සදහන් කිරීමේදී බහුලව යොදා  ගනේනෙනේ රුපයේ දක්වා ඇති ආකාරයටයි.

වර්ධක (TRANSISTOR)

Transistor වර්ග අකාර දෙකකින් පවතිනව.එනම් N.P.N වර්ගයේ ට්‍රාන්සිස්ටර් සහ P.N.P වර්ගයේ ට්‍රාන්සිස්ටර් ලෙසයි.පහත දක්වා ඇත්තේ N.P.N වර්ගයේ ට්‍රාන්සිස්ටරයන්‍ වේ.මේවායේ පාද (අග්‍ර) තුනක් පවතින අතර ඒවා B (Base) C(Collector) හා E(Emmitter) යන නම් වලින් හදුන්වනු ලැබේ.විශේෂයෙන් මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණක් තමයි ආග්‍ර මාරු නොකර කැට සටහනේ හෝ පරිපත සටහනේ දැක්වෙන අනුපිළිවෙලින් සවි කරීම කල යුතුම වේ.


         





පහත දක්වා ඇත්තේ (P.N.P) වර්ගයේ ට්‍රාන්සිස්ටරයන් වේ.මෙහිද පද හදුනා ගන්න ආකාරය රුපයේ දක්වා ඇත.


සැ:යු :- C 1061, D 313 වැනි ට්‍රාන්සිස්ටර වල ක්‍රියාකාරිත්වයේදී රත් වීමක් සිදු වන බැවින් එම උණුසුම උර ගැනීමට හැකි අයුරින් රුපයේ පෙන්වා ඇති පරිදි ඇලුමිනියම් තහඩුවක් වැනි දෙයක් භාවිතා කල හැක. 


ප්‍රතිරෝධක ( RESISTOR )


ප්‍රධාන ප්‍රතිරෝධක වර්ග කිහිපයකි.බොහෝ විට භාවිතා කරන්නේ කාබන් ප්‍රතිරෝධක බැවින් අනෙකුත් ප්‍රතිරෝධක පිළිබද කරුණු නොදක්වනු ඇති.රෙසිස්ටර් භාවිතයේදී එයට අදාල වර්ණ කාණ්ඩ පිළිබද දැනුවත් වීම අනිවාර්ය්‍යය වේ.පහත දක්වා ඇත්තේ එහි වර්ණ  කාණ්ඩ හා ඒවා හදුනා ගන්න ආකාරයයි.



නිවැරැදිව ප්‍රතිරෝධක හදුනාගන්නේ ආකාරය පහත රුප සටහනින් පැහැදිලි කර ගන්න.



කැට සටහනක රෙසිස්ටර් දැක්වෙන ආකාරයයි පහත රුපයේ දැක්වෙන්නේ.



 එසේම අගය අඩු වැඩි කල හැකි ප්‍රතිරෝධක (Variable Resistor) ගණයට අයත් ප්‍රිසෙට් (Preset)නම උපකරණයේ සාමාන්‍ය ස්වරූපයයි පහත දැක්වෙන්නේ.මේවායෙහි ලබා ගත හැකි උපරිම ප්‍රතිරෝදය සදහන් කොට ඇති අතර 0 සිට එම දක්වා ඇති අගය දක්වා ප්‍රතිරෝධය වෙනස් කල හැකිය.රුපයේ දැක්වෙන ආකාරයට වඩා වෙනස් ආකාරයේ ප්‍රිසෙට් ද තිබේ.එහෙත් ඒ සම එකකම පහේ ක්‍රියාකාරිත්වය එකම වේ.



IC


4017 අංකය දරන අයි.සි නම් උපකරණය බාහිර ස්වරුපය රුපයේ දක්වා ඇත.HEF,HCF,CD,MN,GS වැනි මුල් අකුරු කිහිපයක් යටතේ 4017 අංකය සහිත අයි.සි ඇත.නමුත් ඒ සම එකකම ක්‍රියාකාරීත්වය එකම වේ.පද (PIN) අංක මාරු වීමෙන් හා + හා - විදුලි අග්‍ර මාරුවීමෙන් අයි.සි විනාශ වීම සිදුවිය හැක.එබැවින් සවි කිරීමේදී කල්පනාකාරී වන්න.(4017 IC හි පද අංක පිළිබද රුපය මගින් දක්වා ඇත.)



 දැන් ඔයාල හිතනවා ඇති මෙච්ච්රයිද උපකරණ තියෙන්නේ කියල.එහෙම නෙවෙයි තව ගොඩක් දේවල් තියෙනවා.ඒවා ඒ ඒ  තැනට සුදුසු වෙලාවට කියන්නනම් ටික ටික.හැමදේම එක සැරේට ඉගෙන ගන්න බැනේ.පුංචි පුංචි දේවල් ගොඩක් එකතුවෙලානේ ලොකු ලොකු දේවල් හැදෙන්නේ.ඒ වගේම ඔයාලට මේ උපකරණ ගැන ක්‍රිරියක්රිත්වය වෙන වෙනම දැන ගන්න අවශ්‍ය නම් ඒ බව දන්වන්න.තවත් දෙයක්,මේ වැඩේ දිගට කරගෙන යන්න නම් ඔයාලගේ සහයෝගය ප්‍රතිචාර අවශ්‍යමයි.ඊලග ලිපියෙන් පරිපථයක් සැකසන ආකාරය ගැනයි.ඉස්සෙල්ල කිව්වා වගේ ඔයාලගේ ප්‍රතිචාර උද තමයි මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ.

4 comments: