Pages

What is this Captcha Puzzles(මොනවද මේ හැමෝම Type කරන Capthcha වර්ගයේ Password)



අන්තරජාලය භාවිත කරන බොහේ දෙනෙක් මේ CAPTCHA PASWORD (ඉහත රුපයේ දක්වා ඇති ආකාරයේ) දැකල ඇති.ඒ වගේම භාවිතා කරලත් ඇති.බොහෝ දැක තිබුනත් මෙහි ඇතුලාන්තය ගැන සමහරවිට නොදන්නවා වෙන්නත් පුළුවන්.මේ ලිපියෙන් ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි.

බොහෝ වෙලාවට අන්තර්ජාලය තුල නව ගිණුමක් ආරම්භ කිරීමකදී මේ කැප්ට්චා ප්‍රහේලිකා විසදන්න සිද්ද වෙනවා.උදාහරනයක් විදිහට කියනවනම්Facebook,Goolgle+,Paypal,Yahoo,Blogger,Youtube,Microsoft live,Flicker මෙකි නොකී බොහෝ අවස්ථා වලදී භාවිතා වෙනවා.ඔබත් මේ ප්‍රහේලිකා විසදලා ඇති.CAPTCHA කියන වචනෙන් කියවෙන්නේ Completely Auto mated Public Turning Test to Tell Computer & Humans Apart කියන එකයි.මෙහි නිර්මාතෘවරයා ගෝතමාලාවේ ජාතික පරිගණක විද්‍යාඥයෙක් වන මහාචාර්ය ලුවිස් වොන් ආන්ය.

    Dr. Luis Von Ahn

මෙවැනි ප්‍රෙහෙලිකාවක් භාවිතා කිරීමේ මුලිකම අරමුණ තමයි එම වෙබ් අඩවියට පිවිසෙන්නේ ජීවමාන පුද්ගලයෙක්ද නැතහොත් විශේෂයෙන් සැකසු පරිගණක වැඩසටහනකද යන්න වෙන් කොට හදුනාගැනීම සඳහායි.විශේෂයෙන් සැකසු පරිගණක වැඩසටහනක් කියන්නේ හැකර්වරු විසින් සකසන විනාශකාරී වැඩසටහන්ය.මේ වැඩසටහන් මගින් යම් වෙබ් අඩවියක් තුල වන e-mail වැනි විවිධ සම්පත් සොරාගැනීමට හැකියාවක් තියෙනවා.මෙහෙම සොර ගන්න e-mail ලිපින වැනි පුද්ගලික තොරතුරු ගෙන ඒ ඒ සොර ගත් email ලිපින හරහා ඊට අදාල පරිගණක වලට පිවිස එම පරිගණක වල ඇති වටිනා දත්ත සොර ගැනීම,පරිගනකයේ ඉඩ හැකර් වරුන්ගේ භාවිතය සඳහා යොදා ගනී.මෙවන් කරදර වලින් ගැලවෙනුවස් Captcha Puzzles භාවිතා කරුණු ඇත.එවිට හැකර් වරුන්හට email ලිපින වැනි වැදගත් තොරතුරු සොරකම් කිරීමේ මග ඇහිරෙනවා.එසේම ඔව්න්ගේ තවත් අරමුණක් වෙන්නේ ස්පෑම් කිරීමය.ඒ නම් නොයෙක් බඩු භාණ්ඩ පිළබද සඳහන් email විශාල ප්‍රමාණයෙන් සොරගත් email ලිපින වෙත එවීමයි.

මෙහි ක්‍රියාකාරිත්වය ගැන කියනව නම් සිද්ද වෙන්නේ මෙන්න මේකයි.අකුරු හදුනාගැනීමේ පරිගණක වැඩසටන්(OCR-Option Character Recognition)  වලට හදුනාගත නොහැකි වනසේත් මිනිසුකුට ඇස් දෙකෙන් බලා හදුනාගත හැකි වන පරිදි අකුරු පෙළක හැඩය විකෘති කෙරේ.එබැවින් එම අකුරු හදුනාගත හැකි වන්නේ මිනිසාට පමණි.කැප්චා නිර්මාණකරුවන් නිරන්තරයෙන් අකුරු හදුනාගැනීමේ වැඩසටහන්(ORC) පිලිබඳ අවදානයෙන් සිට කප්ට්චා හි අප්ඩේට් කිරීම් සිදු කරයි.

ලෝකය පුරා සිටින අන්තර්ජාලය භාවිතා කරන්නන් දිනකට  මෙවැනි ප්‍රහේලිකා කෝටි ගණනින් විසදති.සාමාන්‍යයෙන් කැප්චා ප්‍රහේලිකාවක් හදුනාගෙන විසදා ටයිප් කිරීම සඳහා තත්පර 15 ක් පමණ ගත වේ.මේ නිසාවෙන් දිනකට මිනිස් පැය විශාල ප්‍රමානයක් අපතේ යයි.මේ ගැටලුවට විසදුමක් සෙවීම ලුවිස් වොන් හට තිබුණු මීළඟ අභියෝගයයි.මේ සඳහා ඔහු අපුරු උපක්‍රමයක් භාවිතා කරා.ඒ අනුවයි දැනට පවතින Re-Captcha Puzzles ක්‍රමය කරලියට එන්නේ.ඇමරිකාවේ Open Content alliance සමාගම ලාබ නොලබන ආයතනයකි.එම සමාගම මගින් පරිගණක භාවිතයට පෙර කල පැවති පොත් පත් ඩිජිටල් කිරීම කරනු ලබයි.ඉන් පසු ඕනෑම අයෙකුට ඒවා නොමිලේම ඩවුන්ලෝඩ් කරගත හැක.

මෙම ක්‍රමයේ, ඒ කියන්නේ පොත් ඩිජිටල් කිරීම සිද්ද වෙන්නේ මෙන්න මෙහෙමයි.මුලින්ම ඒ පොත් ස්කෑන් කිරීම සිද්ද කරනවා.මෙසේ ස්කෑන් කර ගන්න පිටුවේ ඉමේජ් එකක් ORC වැඩසටහන් වලට ලබා දෙනවා.ඒ මගින් මෙහි ඇති දේ 80% පමණ හදුනාගනී.හදුනාගෙන ඩිජිටල් ටෙක්ස්ට් මාදිලියට සැකසනු ලැබේ.එහෙත් 100 %ක්ම අන්තර්ගතය උකහාගැනීමට නොහැකි වෙන්නේ ඇතැම් පිටු පොඩි වී තිබීම,ඉරී ගොස් තිබීම වැනි හේතුන් නිසායි.ඉතින් මෙන්න මේ හදුනාගත නොහැකි දෑ හදුනාගත හැකි වෙන්න මිනිසෙකුට පමණයි.දැන් තමයි Re-Captcha Puzzles ක්‍රමය පිහිටට එන්නේ.ඒ කියන්නේ පෙර කී පරදී අපතේ යන කාලය මේ සඳහා යොදා ගැනීමයි.මෙහිදී සිදු වෙන්නේ ORC වැඩසටහන් වලට හදුනාගත නොහැකි අක්ෂර වල ඉමේජයක් Captcha Puzzles සඳහා යොමු කිරීමයි.දැන් ඒ හදුනාගත නොහැකි ඉමේජය Re-Captcha සේවය ලබාගන්න සෑම වෙබ් අඩවියකම පෙන්වයි.මෙහිදී පද දෙකක් නිරතුරුවම Captcha Puzzles හි පෙන්වනවා.මෙහිදී  පලුමුවෙන් සඳහන් වචනය හදුනාගත් වචනයකි.දෙවනුව ඇත්තේ හදුනාගැනිමට නොහැකි වූ වචනයයි.පළමු වචනය නිවැරදිව ටයිප් කලේ නම් දෙවන වචනයත් නිවැරදිව ටයිප් කලේ යයි පරිගණක වැඩසටහන් නිගමනය කරයි.ඒ පරිද්දෙන් තවත් පරිශීලකයන් විසින් ටයිප් කරන ලද දේ එකම තැනකට යොමු කර වැඩිවශයෙන් නිවැරදිව ටයිප් කර ඇති වචනය හදුනාගත නොහැහි වචනය වෙනුවට ආදේශ කරනු ලැබේ.එවිට අපතේ යන කාලයෙන් විශාල මුදක් ඉතුරු කරගැනීමට හා එම කාලය වැදගත් ලොවටම සෙත සදන කාර්යක් සඳහා දායක කිරීමත් ආරක්ෂක ක්‍රියාවත් සිදු වීමත්  කෙතරම් අගනේද?එබැවින් ලොව වෙසෙන අන්තර්ජාල භාවිතා කරන බොහෝ දෙනෙක් සත්කාර්‍යකට දායක වී ඇති බව පැහැදි වේ.මේ වන විට මේ හේතුවෙන් අති විශාල පොත් පත්තර කන්දරාවක් ඩිජිටල් කරණය වී ඇත.එය කෙතරම් ධනය හා කාලය ඉතුරු කිරීමක්ද?කාලය ඉතුරු කිරීමක්ද?නැත්තම් මිනිසුන් යොදා මෙම කාර්ය කලේ නම් අති විශාල ධනයක් හා කාලයක් වැය වනබව පැහැදිලිය. 



5 comments:

  1. හොද ලිපියක්! :)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි සහෝ!

    ReplyDelete
  3. meke kaallak adui Completely Automated Public Turing test to tell Computers and Humans Apart

    ReplyDelete
    Replies
    1. Apart කියන එක නේද?Typing Mistake එකක් මචං.බොහොම ස්තුතියි !

      Delete