Pages

FIFA World Cup 2014 (ලොව කැළඹූ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තතු)


බොහෝ දෙනෙකුගේ ප්‍රියතම හා ජනප්‍රියම ක්‍රීඩාවක් වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා.FIFA කිව්වහම ඉතිං නොදන්නා කෙනෙක් නෑ.FIFA උන්මාදය මේ මේ දිනවල FIFA ක්‍රීඩාලෝලීන්ට වැලඳීලයි තියෙන්නේ.උන්මාදය කොතෙක්ද කියනව නම් ඇතැමෙක් නවතම රුපවාහිනී පවා මිලදී ගන්න බවත් සඳහන් වෙනවා.එපමණක් නොවේ තරගාවලිය සඳහා නිර්මිත ඇඳුම පැලඳුම් හා පාවහන් වැනි මිලදී ගනිමින් ඒවා පැළඳීම පවා සිදුකරනවා.( cricket වලදී වගේ ) .ඒ වගේම ඔලිම්පික් තරගාවලිය නරබන පිරිසට වඩා වැඩි පිරිසක් FIFA නරඹන බව විවිධ සමීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා.සංඛ්‍යාත්මකව බිලියන 4කට ආසන්නයි.ඒ වගේම තරගය නැරඹීමට සහභාගී වන ප්‍රේක්ෂකයන් ගණන 3,300,000 පමණ වන අතරම මේ කාලය තුල බ්‍රසීලයට එන සංචාරකයන් ගණන 500,000+පමණ වනවා. මිට කලකට ඉස්සෙල්ල නම් ලංකාවේ මේ සම්බන්ධයෙන් ඒ තරම් උනන්දුවක් තිබුනේ නැහැ.ඒ වුනත් දැන් දැන් ලංකාවේ බොහෝ දෙනෙක් මේ තරගාවලිය පිලිබඳ දැඩි අවධානයකින් පසු වෙනවා.ඒ කියන්නේ FIFA උන්මාදය ලංකාවේ අපිටත් බෝ වෙලා.කොහොම වුනත් FIFA කියන්නේ මේ තරගාවලිය හදුන්වන්න දීපු කෙටි නමක්.එහි සම්පුර්න නම මෙන්න මෙහෙමයි.Federation Internationale de Football Association (FIFA).ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් පැවැත්වෙන්නේ අවුරුදු හතරකට වරක්.මෙවර 2014 FIFA තරඟාවලිය ආරම්භවෙන්නේ ජුනි 12 දිනයි.ඒ බ්‍රසීලයේදී.ඔව්න් මෙම තරගාවලියේ සත්කාරකත්වය දරන දෙවැනි අවස්ථාවයි.කොහොම වුනත් වැඩිම ශුරතා ප්‍රමාණයක් මේ වෙනකොටත් හිමිකරගෙන තියෙන්නේ බ්‍රසිලයම වීම විශේෂත්වයක්.

FIFA තරගාවලිය පුරාමසයකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙනවා.තරගාවලිය සඳහා තරග  වට 64ක් පවත්වනවා.සත්‍යවශයෙන්ම ලෝක කුසලාන තරඟාවලිය ලෙස හදුන්වනේ පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් වටයි.ඒ කියන්නේ මේ තරඟාවලිය පටන් ගන්නේ මිට මාස කිහිපයකට කලින්.මොකද කියනව නම් මුලින්ම මේ තරගාවලිය සඳහා රටවල් 200 කට ආසන්න රටවල් ප්‍රමානයක් සහභාගි වෙනවා.ඔව්න් අතරින් අවසාන මහා තරගයට රටවල් 32ක් තෝරා ගැනීමේ අරමුණින් තමයි එහෙම කරන්නේ.ඒ නිසා තමයි මිට මාස කිහිපයකට කලින් මේ තරගය අරඹනවා කිව්වේ.මෙවර තරගාවලිය සඳහා ලොවපුරා පාපන්දු ක්‍රීඩාකරන රටවල් අතරින් රටවල් 32ක් සුදුසුකම් ලබා තිබෙනවා.ඒ වගේම එම රටවල් නැවත කණ්ඩායම් 8 කට බෙදා තිබෙනවා.පහත දැක්වෙන පරිදි.


ජයග්‍රාහකයින්ට ලබා දෙන ත්‍යාගයන් මෙසේයි.

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය බ්‍රසීලයේ ක්‍රීඩාංගන 12 ක පැවැත්වීමට නියමිතයි.මේ ක්‍රීඩාංගන සඳහා වියදම පව්ම් මිලියන 500+ වෙන් කර තිබෙනවා.ක්‍රීඩාංගනයක තිබෙන ආසන සංඛ්‍යාව 40,000+ වේ.ඔබ දන්නවා සෑම ලෝක කුසලාන තරගයක් සඳහාම විශේෂිත පාපන්දුවක් සහ ඇදුමක් යොදා ගන්නවා බව.විශේෂිත ආකාරයෙන් සැකසු නවතම ඇඳුම NIKE නිෂ්පාදනයක්.බර 122 g වේ.ක්‍රීඩාවට යෝග්‍ය පරිදි සැකසු පාවහන් යුගලහි  බර 250 g වේ.සින්ටික් තාක්ෂනය යොදාගෙන නිෂ්පාදනය කෙරුණු පාපන්දුව Adidas නිෂ්පාදනයක් වන අතර එහි බර 437 g ද පරිදිය 69 cm හා පොලා පැනීම 141 cm වේ.එය නම් කරලා තියෙන්නේ brazuca කියලයි.ඔබ ඇතැම්විට දන්නවා ඇති පාපන්දුව සඳහා යොදාගෙන තියෙන ආදී තාක්ෂනය.ඒ ගැන මෙතනදී සඳහන් කරන්න නොහැකි වුවත් වෙනම ලිපියකින් කියන්න  බලාපොරොත්තු වෙනවා.(ඔබගේ අදහස් මත.අදහස් දක්වයි කියල හිතනවා)



                                                                           
තවත් විශේෂ දෙයක් තියෙනව.ඒ තමයි තරගාවලිය සඳහා සුරතල් සතෙකු නිර්මාණය කරවා.ඒ සුරතල් සත්වයා නම් කරන්නේ මැස්කොට් කියලයි.මෙවර යොදාගෙන තියෙන මැස්කොට් ගේ නම ෆුලේකෝ(fuleco) යි.


මෙවර FIFA World Cup වෙනුවෙන්ම නිර්මාණය කරනලද නිල ගීතය පහලින් බලන්න.


ඔයාලට තව විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ වෙබ් සයිට් එකට යන්න.






1 comment: