Pages

Windows 7 Hidden Themes(වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියේ සැඟ වූ වෝල් පේපර්ස් සහ තීම්ස් )




වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරන අවස්ථාවේදී ලබාදෙන වෙලාව හා භාෂාව අනුවයි අපට පෙනෙන්නතියෙන වෝල් පේපර්ස් සහ තීම්ස් මොනවද කියල තීරණය වෙන්නේ.උදහරයක් විදිහට කිව්වොත් අපි හිතමු ඔයා මුලින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරනොකොට ලබා දෙන වෙලාව හා භාෂාව ඕස්ට්‍රේලියාවේ විදිහට ලබා දෙනවා කියල.එහෙම උනොත් ලැබෙන තීම්ස් සහ වොල්පෙපස් ඕස්ට්‍රේලියාවේ විදිහටයි ලැබෙන්නේ.ඇමරිකාවේ නම් ඒ රටේ විදහටයි ලැබෙන්නේ.ඒ රටේ විදිහට කියන්නේ ඒ ඒ රටට ගැලපෙන විදිහේ විවිධ දර්ශනයි.මේ කියන්නේ යන්නේ ඒ සගවපු තීම්ස් , වෝල් පේපර්ස් හොයා ගන්නේ කොහොමද කියල.මෙන්න මෙහෙමයි


1 පියවර :-
ස්ටාර්ට් මෙනු එකේ සර්ච් බොක්ස් එකෙහි පහල දීල තියෙන විදිහට ටයිප් කරල Enter කරන්න.
C:\Windows\Globalization\MCT


2 පියවර :-
දැන් පහත දීල තියෙන විදිහේ වින්ඩෝවක් ලැබෙයි.


(සැ:යු :- මෙහි ඇති ෆෝඩර් හි MCT ට පසුව දක්වා ඇත්තේ ඒ ඒ රටවල් ය.)


3 පියවර :-
ඔබට අවශ්‍ය තීම් ෆෝල්ඩරය විවෘත කර ගන්න.


4 පියවර :-
විවෘත කර ගත්හ ෆෝල්ඩරයේ තුල ඇති Theme ලෙස ඇති සබ් ෆෝල්ඩර තුලට ගොස් එහි ඇති ෆයිල් එක මත ඩබල් ක්ලික් කරන්න.



5 පියවර :-
දැන් ලැබී තියෙන්නෙ  ඒ සැඟවුණු තීම්ස් හා වෝල්පේපර්ස් ය.

                              

3 comments: