Pages

අන්තර්ජාලය (INTERNET)


                මේක තමයි Sage Buster බ්ලොග් අඩවියෙන් පලවෙන පළමු ලිපිය.ඒ කියන්නේ මංගල ලිපිය.ඒක හින්දම මං හිතුව සේරටම කලින් අන්තර්ජාලය ගැන ලිපියක් දුන්න නම් හොදයි කියල.එහෙනම් වැඩි දේවල් කියන්න යන්නේ නෑ.ඉදිරියට ටිකෙන් ටික Sage buster ගැන විස්තර කියන්නම්කො.එහෙනම් කෙලින්ම වැඩේට බැස්ස.
                අන්තර්ජාලය බිහිවීමත් එක්ක මිනිස්සුන්ට වැඩ කරගන්න එක මොන තරං පහසු උනාද.එක ඉති හැමෝම දන්නවනේ.සරලවම කියනවා නම් ලොවම එකම විශ්ව ගම්මානයක් උනා.අන්තර්ජාල බිහි උන එක ගැන කියනකොට අපේ රටේ හිටපු කෙනෙක් ගැන මතක වෙනවා මට නම්.අපේම රටේ කෙනෙක් නොවුනත් විදේශ රටක ඉදල ඇවිත් ලංකාවේ
පුරවැසි බවා ලබා ගත්තු කෙනෙක්.

          ඒ වෙන කවූරුවත් නෙවෙයි ATHAR C CLARKE .ඔහු ගැන දැනගන්න ඔය ලිනක්කුවෙන පුළුවන්.ඔහු විශේෂ වෙන්නේ මොකද දන්නවනේ ඉතින්.චන්ද්‍රික තාක්ෂනය මේ හැමදේටම උපකාර වෙනවනේ.Internet ගැන සරලව කිවුවොත් ඕනෑම අයකුට සම්බන්ධ විය හැකි පොදු පරිගණක ජාලයක්.වර්තමන්යෙ අන්තර්ජාලය වෙත පිවෙසෙන්න Mobile Phone,Computer,Tab වැනි නවීන උපකරණ බොහොමයක් තියෙනවා.ඒ නිසාම දැන් දැන් අන්තර්ජාල පරිහරණ සීග්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා.


              මේ විශ්ව ගම්මානයේ ආරම්භය වෙන්නේ මෙන්න මෙහෙමයි.70 දශකයේ අමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරම්භ කරපු ARPANET (Advance Research Project Agency) තමයි මුලපුරලා තියෙන්නෙ.ARPANET ආරම්භ කරන්න හේතු උනේ ඇමෙරිකානු හමුදා ත්‍රන්තය වැඩකටයුතු පහසු කර ගැනීම සදහායි.


             ශ්‍රීලංකාව අන්තර්ජාලය සම්බබන්ධ වෙලා තියෙන්නේ 1995 වර්ෂයේදී.ඒ කියන්නේ මීට අවූරුදු 18 කලින්.වැඩි කාලයක් නෑ නේද.ඒ උනාට දන නම් ඉන්ටෙර්නෙට් සම්බන්ධයෙන් ශ්‍රීලාංකිකයන් ගොඩක් උනද්දුයි.Interner ජාල සමුහයක එකතුවක් බැවින්  එකට අයිතිකාරයෙක් නම් නැහැ.මුලින්ම ඇමෙරිකානු රජය විසින් නිර්මාණය කරන ලද්දැක උනාට කිසිදු රජයකට හෝ කිසිදු තනි ආයතනයකට එය අයිති නැ.අන්තර්ජාලය එක අතකින් බැලුවොත් මහා පරිමාණ සාමුහික ප්‍රයත්නයක්.බොහෝ අයට ගැටලුවක්නේ මේ අන්තර්ජාලය කාටද අයිති කියන එක.එකට  උත්තරේ ලැබුනානේ.Internet සමාජය(ISOC-Internet Society)ජලය අධීක්ෂණය කරමින් ප්‍රමිති ස්ථාපනය කරයි.මේ ජාලයේ අභිවෘදිය සදහා කැප වී සිටි.මෙය පදනම හා නියෝජ්‍ය ආයතන 85 කින් සැදුනු උපදේශක මණ්ඩලයකින් සමන්වීතයි.(IAB-Internet Architecture Board) අන්තර්ජාලයේ ප්‍රමිති පාලනය කරයි.එම ප්‍රමිති ස්ථාපන්ය කරන්නේ internet ඉංජිනේරු කාර්යය සාදක බලකයි.(IETF-Internet Enggineering Task Force) අදහස් නිදහස් ලෙස බෙදා ගනිමින් බාවිතා කරන්නන් බොහෝ දෙනෙක් මේ කාර්යයට දායක වෙනවා.ඉතින් මේ ටික විතරක්‌ නෙවෙයි තව තව  ආයතන තියෙනවා.මං ඔයාලට මේ ටික කිවූවේ  කිසි කෙනෙක්ට අන්තර්ජාලයේ අයිතියක් නැ කියන එක පැහැදිලි කරන්නයි.


          තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ඉන්ටෙර්නෙට් ජලයේ පියා ගැන මතක කරන්නම ඕනනේ.ඔහු තමයි (VINCENT CERF).තවත් සතුටට කාරණයක් තමයි ලංකාවේ තමයි ලු අඩුම අධිවේගී අන්තර්ජාල පහසුකම් අනිත් රට වලට සාපේක්ෂව ගාස්තු අඩුයි කියන එක.ඒ ගැන වැඩි විස්ටර හොයල ඔයාලට පස්සේ ලිපියක් පල කරන්නම්.


VINCENT CERF

       

        මේ පලුමු ලිපිය නිසා වැරදි අඩු පාඩු තියෙනවා නම් මට කියන්න.ඒ වගේ මේ ලිපිය වැදගත් කියල හිතනවා නම් comment එකකුත් දල යන්න........හමෝටම ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!

තවත් ලිපියකින් හමුවෙමු.


            

No comments:

Post a Comment