Pages

සාගර පිරිසිදු කරනය (Ocean Cleanup Array)






             මුහුද කියන්නේ අපිට නැතුවම නැතුවම බැරි දෙයක්නේ.එහෙම කියන්නේ විශේෂ හේතු බොහොමයක් තියෙනවා.මුහුද හින්ද තමයි පෘථිවියේ උෂ්ණත්වය පාලනය වෙලා තියෙන්නේ.ඒත් එක්කම මුහුද කියනකොතට TSUNAMI ගැන අමතක වෙන්නේ නැනේ නේද?එහෙමවෙන්න මැරිලා ඉපදෙන්න ඕන.ඒ වගේ බරපතල ස්වභාවික අපදා වෙන්න මිනිස්සුන්ගේ නොසකිලිමත් ක්‍රියාකාරකම් බොහෝ සෙයින් බලපානවා.මිනිස්සු මේ වෙනකොට සාගර දුෂණයට හොදින් දායක වෙනවා.ඒ කියන්නේ තවත් විනාශයක් ඇත ලගටම ගෙන්න ගන්න කරන මෝඩ ක්‍රියාකාරකමක්.මේ වැඩ නිසා මුහුදේ ඉන්න අහිංසක ජීවින් බොහෝ කරදර වලට මුහුණ දෙනවා.මේ අපද්‍රව්‍ය වලින් සාගරයට වෙන හානිය අවම කරන්න නව සොයාගැනීමක් කරලා තියෙනවා.

           මේ සොයා ගැනීම කරලා තියෙන්නේ අවුරුදු 19 ක කොල්ලෙක්.කිසිම පුද්ගලයෙක් හෝ ආයතනයක්    සාගර ආරක්ෂා කර ගන්න ඉදිපත් නොවූනැත අපේ කාලේ කොල්ලෙක් මේකට ක්‍රියාත්මක උන එක ඇත්තටම අගය කරන්න ඕන.ඒ අමෙරිකානු ජාතික  Bloyan Slat තමයි මේ උපකරණය නිර්මාණය කරලා තියෙන්නේ.මේ ඉන්නේ බ්ලොයන්



            මේ උපකරණ හැදුන්වල තියෙන්නේ Ocean Cleanup Array කියල.එහි පිතුරයක් ලිපියේ ඉහලින්ම  දාල තියෙනවා.
   
           මේ ව්‍යාපෘතිය සදහා ඩොලර් 80 000 ක මුදලක් වය කරලා තියෙනවා.ඒ වගේම තමයි මේ පර්යේෂණය ට ඉංජිනේරු විද්‍යාව,සාගර විද්‍යාව,භූ භෞතික විද්‍යාව ,පරිසර විද්‍යාව,සාගර නිතිය සහ ප්‍රතිචක්‍රීයකරණයවැනි පර්යේෂණ මාතෘකා 35 ක් අයත්.මේමගින් මලු සාගරයම පිරිසිදු කිරීමට‍ අවුරදු 5 ක කාලයක් ගත වන බැවයි නිර්ණය කරලා තියෙන්නේ.තවමත් අත්හදාබැලීමේ මට්ටේමේ තමයි මේ ව්‍යාපෘතිය තියෙන්නේ.මේ වියාපෘතියට ලෝකයේ ඕනෑම කෙනෙකුට සහය ලබා දෙන්නත් පුළුවන්.ඩොලර් 500 ට වැඩ වැඩි ආධාර කරුවන්ගේ නම් පළමු යාත්‍රාවේ සටහන් කරන බව ඔව්න් කියල තියෙනවා.කොහොමද වැඩේ.සුපිරි වැඩක කියලයි මට නම් හිතෙන්න.

එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු.හැමෝටම සුබ දවසක් වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

1 comment: