Pages

Windows XP ට කුඩම්මාගේ සැලකිල්ලටත් එහා ගිය සැලකිල්ල






                    සියලු දෙනාම දැන ගන්න අවශ්‍ය වැදගත් දෙයක් අදත් Sage Buster අරගෙන අවා.හැමදාම කොහොමත් දෙන්නේ වැදගත් දෙයක් තමයි ඉතින්.......මේ කියන්න යන දේ නිසා ඇතත්තෙන්ම හිතට සමහරෙක්ට තරමක දුකකුත් දැනෙන දෙයක් වෙයි.තමන් එක්ක මෙච්චර දවසක් හිතපු කෙනෙක්ව අතහැරලා දාන්න වෙන නිසා.එත් ඉතින් මොනවා කරන්නද?හැමදේම කාලයත් එක්ක හැමදේම වෙනස්වෙනවනේ.එක ලෝක ස්භාවය.ඒ වගේම තමයි කාලයත් එක්ක හැමදේම විනාශ වෙනවා.වෙනස් වෙනවා.Windows XPමෙහෙයුම් පද්ධතියත් ද වියපත් වෙලා.එහෙමයි කියල සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් XP සීයව අමතක කරලා නම් නැ.මොකද කියනවා නම් මෑත කාලයේදී කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා Windows මෙහෙයුම් පද්ධති භාවිතා කරන පිරිසගෙන් 39% දෙනා තවමත් භාවිත කරන්නේ Windows XP කිය                                                     

                Windows XP මෙහෙයුම් පද්ධතිය ආරම්භ වෙන්නේ 2001 ඔක්තෝබර් 25 වැනිදා.ඉන් අනතුරුව Microsoft සමාගම මේ වන තෙක් මෙහෙයුම් පද්ධති තුනක් හදුන්ව දුන්නා.එම මෙහෙයුම් පද්ධති පිලිවෙලින් 2007 ජනවාරි 30 Windows Vista ත් ,2009 ඔක්තෝබර් 22 Windows 7 මෙහෙයුම් පද්ධතියත් , 2012 ඔක්තෝබර් මාසයේ Windows 8 මෙහෙයුම් පද්ධතියත් හදුන්ව දෙනු ලැබුවා.මෙහෙයුම් පද්ධති ගැන කියනකොටම ඒවගේ භාවිත ප්‍රතිශත ගැනත් පොඩ්ඩක් මතක් කරන්නම් .Windows XP මුළු ප්‍රතිශතයෙන් 39% ද, Windows Vista මුළු ප්‍රතිශතයෙන් 5%ද , Windows 7 මුළු ප්‍රතිශතයෙන් 45% ද,Windows 8 මුළු ප්‍රතිශතයෙන් 5% වශෙන් තමයි භාවිත වෙන්නේ. 

             මේ කරුණු කරනා කෙසේ වෙතත් සැලකිය යුතු ප්‍රමාණයක් XP මෙහෙයුම් පද්ධතිය භාවිත කරත් Microsoft සමගම නිවේදනය කරලා තියෙන්නේ XP භාවිතය නවතා දමන ලෙසයි.ඒ නිවේදනය මෙතනින් ගිහින් බල ගන්න පුළුවන්.2014 අප්‍රේල් 14 මාසයෙන් පසුව ඔවුන් XP ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන බවයි ඔව්න් කියන්නෙ.ඔව්න් කියන විදිහට නම් වර්තමානයේ බිහි වෙන නව දෘඩකාංග සහ වැඩසටහන්  XP මෙහෙයුම් පද්ධතිය හරහා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි විය හැකි බවයි.දැනටත් XP භාවිත කරන පිරිස මේ ගැටලුවට මුහුණ දෙනවනේ.ඒ වගේම පරිගනකයේ ආරක්ෂාව පිළිබඳ බොහෝ තර්ජන එන්න පුළුවන් කියලත් ඔව්න් අනතුරු අගවනවා.Windows XP සඳහා නිකුත් කරන ආරක්ෂක වැඩසටහන් නැවතීමත් සමග තමයි මේ ගැටලුව උග්‍ර වෙන්නේ.පැරණි ආරක්ෂක වැඩසටහන් වලට පරිගනකය ආරක්ෂා කිරිමත නොහැකි වීම තමයි මේ හේතුව.

  මේ  නිසා නව සංස්කරණ වලට මාර වෙන්න කියල ඔව්න් ඉල්ලා සිටිනවා.ඇතැම් විට මේක ඔව්න්ගේ නව සංස්කරණ ප්‍රචලිත කර ගන්න කරපු උප්පරවැට්ටියක් වෙන්න පුළුවන්.කොහොම උනත් අපි තාක්ෂණයත් එක්ක අලුත් වෙන්න එපැයි.නැත්තම් හැමදාම එකම තැන.XP භාවිත කරන යාළුවන්ට Windows 7සහ    8 වලට මාරු වෙන්න කියල තමයි මම නම් කියන්නේ.Vista නම් මම අනුමත කරන්නේ නැ.Windows 7 සහ  8 භාවිතය ගැන ඉදිරියේදී ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.සියලුදෙනාටම ජය වේවා!!!!!!!!!!!!!!!!!

Related Posts:

No comments:

Post a Comment