Pages

ඇස් දෙකෙන් Video කරන්නෙ මෙන්න මෙහෙමයි.


                 21 වන සියවසට ඔබින විදිහේ සුපිරි භාණ්ඩයක් ගැනයි අද ලිපිය.බොහෝ වෙලාවට යම් දෙයක් Video කරන්න මේ වෙන තෙක් භාවිත කරනු ලැබුයේ කැම්කෝඩරයක් හෝ කැමරාවක් හෝ ජංගම දුරකථනය වගේ මෙවලම්නේ.ඔන්න දැන් ඒ උපකරණ වලින් Video කරන්න උවමනා වෙන්නේ නැ.අව් රශ්මියට පළදින අව් කණ්ණාඩියෙන්ම දුටු දේ එසැනින් ක්ෂණිකව පහසුවෙන් දුටු දේ දුටු ආකාරයටම Video කිරීමේ හැකියාව  මේ උපකරණයට තියෙනවා.අව්වෙන් ආරක්ෂා වෙන්නත්, ෆැෂන් එකක් විදිහටත් විතරනේ මෙතෙක් භාවිතා කරේ.ඒ උනත් දැන් Sun Glass දෙකෙන් Video කරන්න පුළුවන්.එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි නෙ.නෑ... නෑ... එක ගලෙන් කුරුල්ලෝ තුන දෙනයි. 



                 Sun Glass දෙකේ සැකැස්ම මෙන්න මෙහෙමයි.ඉතා කුඩා ප්‍රමාණයේ කැමරාවක් සවි කරලයි තියෙන්නේ.ඔයා දැන් හිතනවා ඇති ඒ තරම් Video Quality නැ කියල.ඒ උනාට එක එහෙම නැ.මෙගා පික්සෙල් 08 ක් ( 8 MP ) ඉමේජ් සෙන්ටර් සහ පික්සෙල් 1080 ( 1080p ) ක් HD Video ලබා ගන්න පුළුවන් විදිහේ කැමරා ඇසක් සහිත නිසා තත්වයෙන් උසස් Video සහ Photos ලබා ගන්න පුළුවන්.1080p 30 fps (HD),720p 60 fps (SD),720p 30 fsp (SD) යන තුන් ආකාරයේ  Video Resolution සැකසීමේ හැකියාවකින් සමන්විතයි.ඒත් එක්කම Continous,Auto,Fixed සහ Macro කියන ආකාර හතරින්ම Facus කිරීමේ හැකියාව තියෙනවා.ගුණාත්මක බවින් ඉහල ශබ්ද පටිගත වීම  සදහා 44.4 KHz මයික්‍රෝෆෝනයක් ඇතුලත් කරලා තියෙනවා.මෙහි 8GB අභ්‍යන්තර මතකයක් සහ 2GB SD  Ram ධාරිතාවක් සහිතයි.ඒ වගේම Video හා Pictures පිටතට ලබා ගැනීම සදහා USB Slot එකකින්ද සමන්විතයි.ඊටත් වඩා මේකේ Wi-Fi තාක්ෂණයත් තියෙනවා.කොහොමද භාණ්ඩේ.අපිට ගොඩක් වැදගත් වෙන සුපිරි  භාණ්ඩයක්  කියලයි මට හිතෙන්නේ. 




               


වඩාත් සැහැල්ලු හා කල පැවත්මෙන් වැඩි ඉතාමත් ශක්තිමත් සහ සුවපහසු Sun Glass දෙකක්  වීම හිතට සහනක්.මේ තරම් වැඩ කෑලි තියෙන එකක් මේ තරම් සුව පහසු වෙනවා කියන එකයි හිතට සහනය.අවශ්‍ය  විටකදී මෙහි ලෙන්සස් තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගන්න පුළුවන්.තවමත් ලංකාවේ නොමැති උවත් e-bay හරහා මිලදී ගැනීමේ හැකියාව තියෙනව.මේ උපකරණය හදුන්වල  තියෙන්නේ  High-defintion සහ hand-free යන අර්ථයෙන් HDHF Video Glass ලෙස හැදුන්වා දී තිබෙනවා .








No comments:

Post a Comment