Pages

ඔබත් ඡන්ද දායකයෙක්ද ? කියවන්න.ජනතා පරමාධිපත්‍යය රටේ පරමාධිපත්‍යයයි.

                   
                       

      එළබෙන 29 දින දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිටත් සුදානම්ව පවතින බව මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා.එහෙත් ඔබ සුදානම්ද?කුමකටද?ඔබේ මනාපය ලබා දෙන්න.මේ දින වල රටේ ජනතාවට උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණපෑමට සිදු වෙලා තියෙනවා.කාටද මං මගේ කතිර තුන දෙන්නේ.ඒ උභතෝකෝටික ප්‍රශ්නයක් යැයි බැලූබැල්මට පෙනෙන නමුත්  බුද්ධිමත්ව සිතා බැලුවහොත් එයට යම් පමණක හෝ පිළිතුරක් ලැබේවි.යහපත් අවංක රටට සේවය කරන අපේක්ෂකයා  කව්ද?කෙසේ වෙතත් මේ දින වල නම් හැම අපේක්ෂ්කයෙකම හැම දේශපාලකයෙකම බොහොම අවංකයි.කරුණාවන්තයි.පුදුම නිහතමානිකමක්.කෙතරම් අපුරුද?(හැමදාම මේ විහිහට ඉන්නවනම්)මේ අපූර්වත්වය 29 දක්වා පමණයි.සෑම  මැතිවරණ සමයකදීම  නරඹන මේ සමයමේ අවසානය මා නම් හොදින්ම දනී.මා පමණක් නොව ඔබද දනී.ඒ වුනත් මැරිලා ඉපදුනාක් මෙන්  ඇතැමෙක්ට නම් මේ සමයෙමේ අවසානය ගැන හාන්කවිසියක්වත් නොදන්නා බවයි සමයමේ නළුවන්ගේ පස්සෙන් වැටි නළුවන් රජුන් කරන්නට තමාගෙන් ශ්‍රමය ධනය කාලය වැය කරනවුන් දුටු විට හැගෙන්නේ.(කකුළුවා නටන්නේ වතුර හැලිය රත් වෙනකං විතරලු).මා හට මහත් ගැටළුවක් ඇත.බොහෝ අපේක්ෂකයන් ලක්ෂ ගණන් මුදල් වැය කරමින් ඇන කොට ගනිමින්,කා මරාගනිමින් රටේ ජනතාවට   සේවය කරන්න යන්නේ මන්ද?රටේ ජනතාවට සේවය කරන්න නම් තවත් කොපමණ දේ නම් තිබේද?එදා වේලා බඩට දාගන්න නොහැකිව තම දරුවන්ට නිසි අධ්‍යාපනයක්‌ ලබා දෙන්නට නොහැකිව ඉන්න අපේ මිනිස්සුන්ට මේ එක වේලක් ලබා දෙන්නේ නම් කෙතරම් අගනේද.මා කියන්නේ මනාප ලබා ගන්න මේ දින වල දෙන මනාප දන්සල් ගැන නම් නොවේ.මන්ද ඒ දෙන දීම වැඩි කලක නොවන නිසාත්, මනාප  දන්සලේ කෑම ගතහොත් දිරවීමට නොහැකි වන නිසාවෙනි.කෙතරම් ධනයක්,මුදලක් මනාප පොරය වෙනුවෙන් වැය කරන්නේ ද?අනේ අනිච්චං.වැඩි දුර අධ්‍යාපන ලැබිය නොහැකි දරුවන්ට මේ මුදල් ලබා දෙන්න නම් කෙතරම් අගනේද.ඔහු එයින් රටට කෙදිනක හෝ සේවයක් කරයි."ඉතින් ඡන්දේ ඉල්ලන අයත් යන්නේ රටට සේවේ කරන්නනේ"ඇතැමෙකුට තර්ක කළ හැක.එයට පිළිතුර නම් "අනේ එයාල කරන සේව".ඒ පිළිතුර ප්‍රමාණවත්.බොහෝ දෙනෙක් උන්දෑලගේ සේවය ගැන දනී.කෙසේ වෙතත් රටේ ජනතාවගේම මුදල්වලින් රට රට වල ගිහින් ජව්සන් නටල  ඩිග්රි පිට ඩිග්රි  ගහන් ආපු දේශපාලුවන්ගේ පුත්තුන්ගේ ජේත්තුකාර පම්පෝරිය නම්.......(සියලුමදෙනා නොවේ.හොදින් අධ්‍යාපනය ලබා රටට සේවය කරන පුද්ගලයින් නැතුවම නොවේ)මේ මුදල රටේ ශාසනික ආගමික අභිවෘද්ධිය වෙනුවෙන් වැය කළ නොහැක්කේද.සල්ලි වලින් තාප්ප පුරවනවා වෙනුවට.ඒවා ගැන කිසිම තැකීමක් නැත.එහෙත් මහා ඉහලින් දඟලන්නේ නම් රටට සේවය කරන්න.ඇතැම් අපේක්ෂකයින් දේශපාලනය යන්න ගැන පවා නොදන්නා වුන්ය.එහෙත් ඔවුන් අනෙකා විවේචන කිරීමේ නම් ඇති දක්ෂයෙකි.                                                                                                             ඔබ නුවනින් සිත බලන්න.රටේ අනාගතේ තියෙන්නේ අපේ අතේ.අපේ කියන්නේ මේ රටේ ඡන්ද දායකයාගේ අතේ.මාගේ අදහස නම් අපට ලං විය හැකි අපට සේවය ලබා ගන්න පුළුවන් අයෙකුට රටට සේවය කරන්න පුළුවන් අයෙකුට ඔබේ මනාපයවත් ලබා දෙන්නේ නම් එන් රටේ අනාගතය සරු වෙයි.එසේ නොවුනහොත් දුෂකයෝ,මිනි මරුවෝ රටට සේවය කරන්න කියා ළමයින් , ස්ත්‍රීන් දුෂණය මිනි මරමින් කරමින් ජයටම සේවය කරාවී.රටේ එකාටලට මොකක් වුනාම මොකද?මගේ මඩිය තර කර ගත්තාම හොදටම ඇති.ඒ තවත් රටට සේවය කරන්නෙක්ගේ අදහසයි.ඔව්න් එසේ රටට සේවය කරයි.තවකෙක් රටේ තරුණයන්ට කුඩු ගංජා බෙදමින් සේවය කරාවි.ඔබේ කතිරය නිවැරදිය භාවිතා නොකර හොත් මේ අන්දමට අපුරුවට රටට සේවය කරන අයුරු නිකටෙහි අත හුවා හුල්ලමින් බලා සිටින්නට සිදු වෙයි. අඩන පොඩි එව්න්ට සීනි බෝල දී පොඩි එකා රවටනවාක් මෙන් ඡන්ද කලටවිත් රටේ අලි බබාලට මොන මොනවා හරි බෙදා දුන් පමණින් ඔබත් රැවටේ යැයි මා නොසිතමි.මන්ද දැන් රටේ එවං මෘග්දයන් තවත් සිටිය නොහැකියි.ඔබම සිතා බලන්න මොව්න් මේ තරං මුදල් වියදම් කරන්නේ මන්ද කියා.අපට ආදරේටද ?රටට ආදරේටද?මේ දෙකට කෙසේ වෙතත් ඔව්නට  මුදල,බලය නම් තමාගේ පණ කෙන්දටත් වඩා වටිනා බව සක්සුදක් සේ කිව හැක.කොහොම නමුත් රටට සේවය කර ජනතාවට සේවයක් කරන අරමුණින් මනාපය බලාපොරොත්තු වන්නේ නම් කිසි විටකත් ඇති විශාල මුදලක් ඡන්ද ව්‍යාපාර කටයුතු සඳහා වැය නොකරයි.මන්ද ඔව්න්ට ඒ මුදල රට සේවය කරන්නේ නම් නැවත සොයා ගත නොහැකි නිසාවෙනි.මාටිය ගැසීමේ හෝ කොමිස් ගැසීමේ අරමුණක් නොමැති බැවිනි.බුද්ධිමත්ව සිතා බලා රට වෙනුවෙන්,රටේ අනාගතය වෙනුවෙන් එවැන්නෙකුට මනාපය ලබා දෙන්නේද?ලක්ෂ ගණනින් මුදල් වැය කරමින් වියදම් කරන මුදලට වඩා සිය දහස් ගණනක් සෙවීමේ අරමුණින් සිටින්නන්ට ඔබේ වටිනා මනාපය ලබනේනේද?සිතා බලන්න....මනාපය කතිර තුනකට පමණක් සිමා නොවන්නක් බව තරයේම සිහි තබා ගන්න.එය ඔබේ අනාගතයයි.රටේ අනාගතයයි.ඔබේ දරුවාගේ අනාගතයයි.කිසිවෙක් තමාගේ අනාගත අදුරු කර ගන්නට කිසිවිටකත් කැමති නොවනු ඇත.දියුණු වෙමින් පවතින රට නැවත අගාධයට ඇද නොදැමීමට සැවොම එක් වෙමු.

                                                                                                        Admin:@ sagebuster.blogspot.com

2 comments:

  1. ඔබ හරියටම හරි. ජනතා පරමාධිපත්‍යය අසාරථක වුණ තැන රටක පරමාධිපත්‍යයක් ඉතිරි වෙන්නේ නෑ. ඒත් මේ මැතිවරණ වලින් එය සිදු වේවි ද? මේ ගැන මාත් ලිව්වා පෝස්ට් එකක්http://a-welawa.blogspot.com/2014/03/blog-post.html.

    ReplyDelete
  2. බලා සිටිනු මිස අන් කුමක් කරමුද අසරණ අපි.

    ReplyDelete